Posted by: isurubmv | September 9, 2009

කරදිය ධීවර කර්මාන්තය.

කරදිය ධීවර කර්මාන්තය.

මෙම කර්මාන්තය ලංකාවේ කොරල්පර සහ ගල්පර ආදිය ඇතුලත් මහද්වීප තටකය(continental shels) ඇතුළත සහ වෙරළෙන් ඔබිබෙහි ගැඹුරු මුහුදේ සිදු කෙරේ. මෙයින් මහද්වීප තටකයේ මත්ස්‍ය කර්මාන්තයෙන් විවිධ ගල් මාළු(rock fish) වර්ග සහ ගල්පර ආශ්‍රිත ජීවත් වන කකුළුවා, ඉස්සා, පොකිරිස්සා, ආදී කවච මත්ස්‍යයන් සහ හුරුල්ලා, සාලයා, කුමිබලාවා, කාරල්ලා,පරවා, සුරාපරවා ආදී මසුන් අල්ලා ගනු ලැබේ. කරදිය මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ‍කොටසකට දායක වන මේ මත්ස්‍ය අස්වැන්න මුළුමනින්ම වාගේ සාමාන්‍ය ජනයාගේ දෛයිනික පරිභෝජනයට ගනු ලැබේ. මෙම මාළු බිම්වල මසුන් ඇල්ලීමට බිලිපිති, දැල්, සහ අතංගු භාවිතා කෙරේ. නොගැඹුරු මුහුදේ සිටුවන ලද රිටිමත හිඳගෙන බිලී පිත්තෙන් මසුන් ඇල්ලීම මෙම කර්මාන්තයේ විශේෂ අංගයකි. “රිටිපන්නය” නම් එම ක්‍රමය දකුණු පලා‍තේ තැන් තැන්හි භාවිතා වෙයි. Nov_trip_fishing_boats_medium

ටෝලර් සහ යාන්ත්‍රික ‍බෝටිටුවලින් ඈත මුහුදට ගොස් කරන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සදහා දැල්, යොත් සහ කරමල් දැල් භාවිතා වෙයි. කෙලවල්ලා, බලයා ආදී කෙලවලු කුලයට(thunidae) අයත් මසුන් සහ තෝරා, මෝරා, කොප්පරා සහ තලමත් ආදී විශාල මත්ස්‍යයින් ඇල්ලීමේ යෙදෙන යාත්‍රා “බහුදින යාත්‍රා” නමින් හැදින්වේ. මේ ලොකු මසුන්ගෙන් කොටසක් සාමාන්‍ය පාරිභෝගිකයන් අතරටත් විශාල කොටසක් ලොකු හෝටල් සහ අවන්හල්වලටත් යයි. මෑතක සිට කටුමෝරු නම් කුඩා මෝර වර්ගය අල්ලා උන්ගේ අක්මාවෙන් තෙල් ගැනීම සිදුවේ. මෙම ශුද්ධ නොකළ මෝර තෙල් අපනයනය සදහා නිපදවන්නකි.


Responses

  1. ලිපිය ඉතා වාදගත්. තමන් විසින්ම සොයාබලා ලිපි ලියන එක ඉතා වැදගත්. පුළුවන්නම් http://blogs.sinhalabloggers.com/ එකේ ඇති සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට එක්වන්න. ඒ වගේම ඔබගේ මිතුරු මිතුරියන්ටත් දැනුම් දෙන්න. මගේ සුභ පැතුම්….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: