Posted by: isurubmv | October 17, 2012

දෛවයේ සරදම

දෛවයේ සරදම

 කලෙකට පස්සේ මොනවා හරි ලියන්න ඔන කියලා හිතුවා.මේක ලියන්න හිටියේ කලින් ඒත් වෙලාවක් ලැබුනේ දැන් තමයි.හිතට ගොඩාක් සතුටක් දැනුනු දවසක් තමයි.ඔක්තොම්බර් 6 වෙනිදා.ඒ මගේ ගුරැවරැන්ට මම සුභ පැතුම් එකතු කරද්දි. මගේ ලමයි ම‍ට උපහාර දැක්වුවා.

 

මේ ලමයි නිකන් ලමයි නෙමෙයි. මෙ ලමයි කාගේවත් පිලි සරනක් නැති සමාජය ඔවුන්‍ට සරදම් කර. බිත්ති 4ට කොටු  වෙලා ජිවිතය කියන්නේ මොකක්ද කියලා.හරියට නොදන්න අහිංසකයන් ටිකක්.

අනාථ ලමයි ගැන වපර ඇහෙන් බලන අය කවදාවත් හිතුවද? ඒ ලමයි අනාථ වුනේ සමාජයේ ඉන්න සල්ලාලයෝ විසින් ඒ ලමයිගේ  ජීවිතේ විනාශ කරා කියලා.නැ එහෙම හිතුවානම් අද මේ තත්වෙට ළමයිගේ ජිවිතේ පත්වෙන්නේ නැ.කොහොම උනත් මම ඒ ළමයි ගැන මට අහිංසක සතුටක් තියෙනවා. ඒ මම ඒ ලමයිට ටික කාලයක් හරි නැටුමි උගන්වපු එකට.

මෙ නැටුම ලමා නිවාසවල තරග වලින්   4 වෙනි ස්ථානය ලබා ගත්තා. ඒත් රජයේ ලමා නිවාසවලින් ඒ ලමයි ප්‍රථම ස්ථානය.ඒ ලමයින්ගේ නිර්මාණ ගොඩාක් මම ඒ වෙලාවේ අගය කලා.මේ ගාල්ල කිතුලමිපිටිය සෙනෙහස ලමා නිවාසය.මේ ලමයින්ගේ අදහස් කියවපු මට ඇස් වලට කදුළු ආවා.‍බලන්න ඔබටත් එහෙමද කියලා.

පුතේ නුඹලා සියලු දෙනාට තුනුරැවන්ගේ සරණින් දෙවි රැකවරනෙන්. කවම දාවකවත් ඔබ පිලිසරණක් නැති කෙනෙකු නොවේවා!නුඹලාට ආයේ වරදින්නේ නැ එය සත්තයි.
ආදරණීය ගුරැ පියාණන්
ඉසුරැ මහරගම

Posted by: isurubmv | May 15, 2012

ආවඞා ආයුබෝ වේවා!

ආවඞා ආයුබෝ වේවා!

මගේ dancing claz ඵකේ පලවෙනි show ඵක

 

 

 

 

Posted by: isurubmv | November 18, 2011

ඉස්සර මතකයන් බිදක්

ස්කෝලේ ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා.මන්ද අපි ඉස්සර ගොඩාක් දුක්වින්දා. ඉස්සර අපි link එක click කරලා පැය ගනන් බලා හිටියා. අපේ පාසල දියුණු කරන්න ගොඩාක් දෙවල් කලා. උදේ ඉදන් රෑ වෙනකමි අපි site හැදුවා. රෑට නිදා ගත්තේ lab එකේ. ඒ කාලේ අපි site upload වෙන්න දිලා අපි නිදා ගෙන උදේ නැගිටින කොට තමයි site එක upload උනේ. ඉතිං ඒ වගේ ගොඩාක් අපි දුක් වින්දා. අපිට කිසිම දේශ පාලුවෙක් උදවි කලේ නෑ .අපි multimedia projector එකක් ගන්න ගොඩාක් දුක් වින්දා.ඒ අහල පහල පාසල් වලට අපි ගිහින් IT උගන්වන්න. දැන් අපිට ඒක ලැබිලා. ඒ ගැන තියෙන සතුට කියා ගන්න බෑ. අපේ ජිවිතයේ ගොඩාක් දේවල් අපිට අරැණ සර් උගැන්නුවා. අද මේ තත්වයට පත් කරන්නට  එතුමා විශාල වෙහෙසක් දැරැවා. ඒවායේ ප්‍රතිඵල අද දැක ගැනීමට හැකිවීම අප කල පිනක් යැයි මට හැගේ. මෙවන් ගුරැවරැ කවදා අයේ ලමුන්ට මුන ගැසේද යන වග සැකයකි. මන්ද අද ගුරැවරැ බහුතරයක් පඩියට යටවී ඇති නිසාය. ඒ නිසා මෙවන් ගුරැවරැන්ට වැදිය යුත්තේ මල් තියා නොවෙද. අරැණ ගුරැ පියාණනි,ඔබට ආවඩා අයුබොහෝ වේවා”!.

Posted by: isurubmv | October 20, 2011

Mobile

Available now

The Nokia N97 probably needs no introduction to our readers, it’s a powerful touchscreen device with a slide out QWERTY keyboard. Unfortunately, it’s also quite a bulky device – which is presumably the inspiration for the Nokia N97 Mini.

The basic external differences between the Mini and the original N97 are that the Mini has a smaller screen and no navigation pad on the keyboard. This means that the Mini weighs 138 grams compared to 150 grams with the N97, and the “footprint” is about 9% smaller than the N97 as the Mini measures 113 x 52.5 x 14.2mm.

Despite being smaller, the display is still a 640 x 360 pixel touchscreen panel, measuring 3.2″ diagonally. This is certainly good enough more most web browsing and multimedia applications.

 Nokia N97 Mini It’s not just on the outside that the Mini has been shrunk down. The amount of internal Flash memory is down to 8GB from the whopping 32GB in the N97, although this should be plenty for most people and it can be expanded using a microSD card. The battery is also smaller, a 1200 mAh battery rather than the 1500 mAh cell in the N97, and this does shorten the talktime to 4 hours on 3G.

On the back is a 5 megapixel camera with a Carl Zeiss lens and dual LED flash, capable of recording VGA resolution video at 30 frames per second. The N97 Mini also has A-GPS plus Ovi Maps for navigation, 3G and HSPDA high-speed data, WiFi, a 3.5mm audio socket, TV output and all the usual software features that you would find on the original N97. In other words, the Nokia N97 Mini is still a highly capable device despite the slightly cut-down features.

There are some software updates available, and these mostly seem to be in the social networking category. This new version of the software can also be applied free-of-charge to existing N97 handsets, so both the Mini and N97 will have exactly the same software capabilities.

When it comes to price, it’s clear that Nokia have shrunk that down too. Nokia say that the N97 Mini should cost around €450 before tax and subsidy, compared to the €550 that the original N97 cost. However, the N97 has been around for a little while and can be had also for around €450 before tax if you shop around. Given that there won’t be much difference in price, and the fact that the Mini is only about 9% lighter and smaller than the original, is there really any point to this handset at all?

Nokia say that the N97 Mini should start shipping in October 2009.

Posted by: isurubmv | October 20, 2011

Nawatha gatha nohaki de

Posted by: isurubmv | October 20, 2011

Posted by: isurubmv | December 9, 2010


කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තට කාලෙකින් ආවේ අපේ පාසලේ  සාහිත්‍යය උත්සවය තිබුණා.ඒකට මට අපේ දේශිය නර්තනාංග දෙකක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණා.ඒකට මට අවස්ථාව දුන්න සුජිත් ගුරු පියාණන්ට මම ස්තූති කරන්නට ඔන.මට සහයට අපේ කළායතනයේ ප්‍රියන්ත අයියා, ලක්ෂාන්, සුනෙත්, බුද්ධික, චාමර යන අය මගේ සහයට පැමිණුනා. ඒ අයටත් මම ස්තූති කරන්නට ඔන.අපේ කලායතනය වන නිමේෂා කලාතනය ගාල්ල මිලිද්දුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන්නේ අවුරුදු 20 තිස්සේ.මගේ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඔන මට නටන්නට කියාදුන් මගේ ගුරු පියාණන්වන දිනෙෂ් දියුණුගේ ගුරු පියානණන්ට. එතුමාදන්නාවු  ඒ උතුමි වු නර්ථන ශිල්පය මට කියා දුන්නාට.ගොඩක් සතුටුයි මට උදවි කල සියලු දෙනාටම ස්තූතිය.

‍මෙන්න විඩියෝ දෙකේ link දෙක

http://www.youtube.com/watch?v=57pXMVRpL3k

http://www.youtube.com/watch?v=pAWvjXcjtiQ

Mother ஸ்ரீ ලංකා තරගයට ගියා. ඉතා මහන්සි වෙලා පුහුණු වෙලා ඉතා විශිෂ්ඨ ලෙස සංවාදය අපි ඉදිරිපත් කලා. ඒ වෙලාවෙ විනිශ්ච මන්ඩලයේ අදහස වුනෙ අපේ සංවාදය professional මටිටමක තිබුණා. ඒක ඉතා හොදයි ඔයාලා ඉතා හොද දෙයක් ඔයාලා ගත්ත තොරතුරු ගත්තේ කොහෙන්ද කියලා කියන එක ඉතා හොදයි අපි පන්ඩිතයෝ නෙමෙයි අපි තොරතුරු ගත්තේ මෙතනින් කියලා කියපු එක ඉතාමත් හොදයි කියන එක තමයි ඔවුන්ගේ අදහස වුනේ ඉතිං අපට ලැබිචිච අදහස් වලට අනුව අප් හිතේ බලාපොරොත්තුව කියන එක අපේ හිතට එක්වුවා. ඒ බලාපොරොත්තුවෙන් අපි පහුවදා අරලියගහමන්දිරයට ගියා. තෙවන දෙවන ස්ථානයන් පැවසුවත් ජනාධිපති එනතුරු ප්‍රත්‍රම ස්ථානය නොකියු නිසා අපි බලා සිටියා අපට පලමු තැන ලැබෙයිද කියලා. නමුත් අප් අවාසනාවකට අපිට පැරදෙන්න සිදු වුනා. ඒ ගැන දුකක් තියෙනවා. මොකද දවස් 5 6 එලිවෙනකමි නිදි වරලා presentations හදලා අවසානයේ අපට අත්වූ ඉරණම ගැන.නමුත් සතුටු වෙනවා. අපිට පුලුවන් විදියට අපේ රට සංවර්ධනය කරන්නට අපිට හැකියාව ලැබීම ගැන.මෙ අසාදාරණය අපිට විතරක් නෙමෙයි ගොනගල මහා විද්‍යාලයටත් වුනා.අපි ඉදිරිපත් කලේ සංවාදයක් ගොනගල පාසල කලෙත් සංවාදයක්. ඒ අපිට කිව්වෙ මදර් ශ්‍රි ලංකා සංවාද තරගය කියලා. පස්සේනේ දන්නේ මේක මදර් ශ්‍රි ලංකා නාට්‍ය තරගය කියලා.මොකද අපියි ගොනගල මහා විද්‍යාලය විතරයි. සංවාද කලේ අනෙක් අය කලේ නාට්‍ය පලමු තැන ගත්ත පාසලෙන් අපි ඇහුවාම ඔයාලා කලේ සංවාදයක්ද කියලා ඔවුන්ගේ පිළිතුර වුනේ සංවාද කරලා දිනන්න බැ කියලා.ඒකියන්නේ ඔවුන් දන්නවා නාට්‍ය කරලා තමයි දිනන්න පුලුවන් කියලා. නමුත් නාට්‍යයක් තුලින් රටට දෙන්න පුලුවන් පණිවිඩය ඉතා සීමාකාරි. සංවාදයක් කියන එකෙන් දෙන්න පුලුවන් දේ වැඩියි. මොකද ලමයින් කතා කරන්නේ විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවා.ලමයින්ගේ තාක්ෂන භාවිතයත් වැඩිවෙනවා. පරිගණකය අශ්‍රිත ක්‍රියාකාරකමි තුලින් ලමයින්ගේ තාක්ෂනික දැනුමත් වර්ධනය සිදුවනවා. ඉතිං මෙ තරගය ආරමිභ වුයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුලින්ම තරගයේදි තෝරාගත්තේ සංවාද නමුත් යමය පිට පලාත් වලට යනකොට මේක නාට්‍ය තරගය වුනා.

අපේ සංවාදය නරබා ඔබේ අදහස් දක්වන්න මෙන්න link එක

http://www.youtube.com/watch?v=tDjDEPmaSWU

කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආ‍‍වේ. මම ඉන්දියා‍වේ ගියා. නැටුම් තරගයකට අ‍‍ප්‍රෙල් 21 තමයි ඉන්දියා‍වෙ ගියේ. ඉතිං දවස් 7ක් තිස්සේ ඉන්දියාවෙ සමහරතැන්වල ඇවිද්දා. ඒකට ස්තූති කරන්න ඔන ඉන්දියාවෙ ත්‍රී ‍රෝද රථ රියදුරෙක් වන ගෝවින්දට. ඔහු අපේ නැටුම් ගුරුවරයාගේ මිත්‍රයෙක් අපිත් එක්ක ලංකාවෙන් බද්දේගම නුවර අය ගියා. ඒ අතරින් අපේ කණ්ඩායමට ඒක්වුයේ බද්දේගම අයයි. ඒ අය අපිත් ඒක්ක ගොඩාක් සුහදශිලී උනා. ඊට හේතුව අපේ නැටුම් ගුරුවරයාගේ මිත්‍රයෙක් වන චින්තන අයියා ඒ අයගේ ගුරුවරයා වීමයි. ‍කොහොම උනත් අපිට  හොද යාලුවන් ගොඩාක් අදුන ගන්න ලැබුණා. ඉමාලි අක්කා, ශෂි නංගි ,සචිනි අක්කා, ගිහාන් අයියා, ජනක මල්ලි ,යොමාෂි නංගි, නතාෂා නංගි, ‍මේ හැමදෙනාම අදුන ගන්නට මට ලැබුණා ඒකට ගොඩාක් සතුටුයි. අපි quiescence land ගොස් එහි තිබෙන තරග වලට හොස් ඉතා නැවුම් අත්දැකීම් වලට මුහුණදීමට අවස්ථාව ලැබුණා. අපේ කලායතනයෙන් අපි නර්ථන ශිල්පීන් 26කුත් නර්ථන ශිල්පිනියන් 27කුත් මෙයට සහභාගි වූවා. මේ හැම කටයුත්තකටම අපට දිරිය දුන්නේ අපේ නැටුම් ගුරුවරයා වන දිනෙෂ් දිය්ණුගේ ගුරු පියාණන්ය. ගුරු පියාණනි, ඔබට බෙහෙවින් පින් මාව මෙම ඉන්දියානු සංචාරයට තෝරාගත්තාට.

Older Posts »

Categories