Mother ஸ்ரீ ලංකා තරගයට ගියා. ඉතා මහන්සි වෙලා පුහුණු වෙලා ඉතා විශිෂ්ඨ ලෙස සංවාදය අපි ඉදිරිපත් කලා. ඒ වෙලාවෙ විනිශ්ච මන්ඩලයේ අදහස වුනෙ අපේ සංවාදය professional මටිටමක තිබුණා. ඒක ඉතා හොදයි ඔයාලා ඉතා හොද දෙයක් ඔයාලා ගත්ත තොරතුරු ගත්තේ කොහෙන්ද කියලා කියන එක ඉතා හොදයි අපි පන්ඩිතයෝ නෙමෙයි අපි තොරතුරු ගත්තේ මෙතනින් කියලා කියපු එක ඉතාමත් හොදයි කියන එක තමයි ඔවුන්ගේ අදහස වුනේ ඉතිං අපට ලැබිචිච අදහස් වලට අනුව අප් හිතේ බලාපොරොත්තුව කියන එක අපේ හිතට එක්වුවා. ඒ බලාපොරොත්තුවෙන් අපි පහුවදා අරලියගහමන්දිරයට ගියා. තෙවන දෙවන ස්ථානයන් පැවසුවත් ජනාධිපති එනතුරු ප්‍රත්‍රම ස්ථානය නොකියු නිසා අපි බලා සිටියා අපට පලමු තැන ලැබෙයිද කියලා. නමුත් අප් අවාසනාවකට අපිට පැරදෙන්න සිදු වුනා. ඒ ගැන දුකක් තියෙනවා. මොකද දවස් 5 6 එලිවෙනකමි නිදි වරලා presentations හදලා අවසානයේ අපට අත්වූ ඉරණම ගැන.නමුත් සතුටු වෙනවා. අපිට පුලුවන් විදියට අපේ රට සංවර්ධනය කරන්නට අපිට හැකියාව ලැබීම ගැන.මෙ අසාදාරණය අපිට විතරක් නෙමෙයි ගොනගල මහා විද්‍යාලයටත් වුනා.අපි ඉදිරිපත් කලේ සංවාදයක් ගොනගල පාසල කලෙත් සංවාදයක්. ඒ අපිට කිව්වෙ මදර් ශ්‍රි ලංකා සංවාද තරගය කියලා. පස්සේනේ දන්නේ මේක මදර් ශ්‍රි ලංකා නාට්‍ය තරගය කියලා.මොකද අපියි ගොනගල මහා විද්‍යාලය විතරයි. සංවාද කලේ අනෙක් අය කලේ නාට්‍ය පලමු තැන ගත්ත පාසලෙන් අපි ඇහුවාම ඔයාලා කලේ සංවාදයක්ද කියලා ඔවුන්ගේ පිළිතුර වුනේ සංවාද කරලා දිනන්න බැ කියලා.ඒකියන්නේ ඔවුන් දන්නවා නාට්‍ය කරලා තමයි දිනන්න පුලුවන් කියලා. නමුත් නාට්‍යයක් තුලින් රටට දෙන්න පුලුවන් පණිවිඩය ඉතා සීමාකාරි. සංවාදයක් කියන එකෙන් දෙන්න පුලුවන් දේ වැඩියි. මොකද ලමයින් කතා කරන්නේ විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවා.ලමයින්ගේ තාක්ෂන භාවිතයත් වැඩිවෙනවා. පරිගණකය අශ්‍රිත ක්‍රියාකාරකමි තුලින් ලමයින්ගේ තාක්ෂනික දැනුමත් වර්ධනය සිදුවනවා. ඉතිං මෙ තරගය ආරමිභ වුයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුලින්ම තරගයේදි තෝරාගත්තේ සංවාද නමුත් යමය පිට පලාත් වලට යනකොට මේක නාට්‍ය තරගය වුනා.
අපේ සංවාදය නරබා ඔබේ අදහස් දක්වන්න මෙන්න link එක
http://www.youtube.com/watch?v=tDjDEPmaSWU
Advertisement











api peradune ne.vinishchaya mandalaye theeranaya veraduna.echcharai.
By: chinthaka sir on July 13, 2010
at 8:52 am