කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මම ඉන්දියාවේ ගියා. නැටුම් තරගයකට අප්‍රෙල් 21 තමයි ඉන්දියාවෙ ගියේ. ඉතිං දවස් 7ක් තිස්සේ ඉන්දියාවෙ සමහරතැන්වල ඇවිද්දා. ඒකට ස්තූති කරන්න ඔන ඉන්දියාවෙ ත්‍රී රෝද රථ රියදුරෙක් වන ගෝවින්දට. ඔහු අපේ නැටුම් ගුරුවරයාගේ මිත්‍රයෙක් අපිත් එක්ක ලංකාවෙන් බද්දේගම නුවර අය ගියා. ඒ අතරින් අපේ කණ්ඩායමට ඒක්වුයේ බද්දේගම අයයි. ඒ අය අපිත් ඒක්ක ගොඩාක් සුහදශිලී උනා. ඊට හේතුව අපේ නැටුම් ගුරුවරයාගේ මිත්‍රයෙක් වන චින්තන අයියා ඒ අයගේ ගුරුවරයා වීමයි. කොහොම උනත් අපිට හොද යාලුවන් ගොඩාක් අදුන ගන්න ලැබුණා. ඉමාලි අක්කා, ශෂි නංගි ,සචිනි අක්කා, ගිහාන් අයියා, ජනක මල්ලි ,යොමාෂි නංගි, නතාෂා නංගි, මේ හැමදෙනාම අදුන ගන්නට මට ලැබුණා ඒකට ගොඩාක් සතුටුයි. අපි quiescence land ගොස් එහි තිබෙන තරග වලට හොස් ඉතා නැවුම් අත්දැකීම් වලට මුහුණදීමට අවස්ථාව ලැබුණා. අපේ කලායතනයෙන් අපි නර්ථන ශිල්පීන් 26කුත් නර්ථන ශිල්පිනියන් 27කුත් මෙයට සහභාගි වූවා. මේ හැම කටයුත්තකටම අපට දිරිය දුන්නේ අපේ නැටුම් ගුරුවරයා වන දිනෙෂ් දිය්ණුගේ ගුරු පියාණන්ය. ගුරු පියාණනි, ඔබට බෙහෙවින් පින් මාව මෙම ඉන්දියානු සංචාරයට තෝරාගත්තාට.
Advertisement











සතුටුයි නර්තනය හදාරන කෙනෙක් හැටියට බ්ලොග් ලියන එක ගැන. මමත් ගොඩාක්ම කැමතියි වෙස් නැටුම් වලට. මම A/L කරන කාලෙ නුවර පෙරහැර බලන්න ගියා වෙස් නැටුම් බලන්න ආස නිසා.
ඉදිරි අනාගතයට සුභ පැතුම්!
By: හර්ෂණ on June 2, 2010
at 12:26 pm